Den of Thieves Collection

My Fault Complete Collection

my template Film Website Navigation
සුපිරි මලයාලමක් අරන් ආවා මලයාලි ඇක්ෂන් ත්‍රිලර් බලන අයට. මේක ගැන එච්චර ලොකු කතා උනේ නැතත් ඇත්තටම හරි ලස්සන චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි. ඒ නිසා මිස් කර ගන්න එපා KAPPELA 2019 කියන සුපිරි ෆිල්ම් එක මතකයිනේ. ඒක කුළුඳුලේ අධ්‍යක්ෂනය කරපු මොහොමඩ් මුස්තාෆාගෙ දෙවන අධ්‍යක්ශණය තමයි මේ.වැඩිය ප්‍රසිද්ධ නැති තරුණ නවක නළුවන් කිහිප දෙනෙක් තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ සුරාජ් වෙන්ජාරමුඩු, කානි කුස් රුති ,මාලා පාර්වති වැනි අය සමග. රිදු අරූන්,අනුජිත් කන්නන්, ජොබින් දාස්, යේදු ක්‍රිශ්ණා ඒ නවක නළුවන් රැසක් මේකෙ රඟ පානවා. කාට කාටත් හීන තියෙනවා. ඒව ඉටු කර ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අහිංසක හීන ගොඩක් පොදි බැඳ ගෙන නව යොවුන් වියට පා තබමින් සිටින ගැටවරයින් සිවු දෙනෙක් ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් නොමගට හරවනවා.ඒ අනුව ඔවුන් ඉතා අවදානම් වැඩකට අත ගසනවා. සඟවලා තියෙන විශාල කළු සල්ලි ප්‍රමාණයක් පැහැර ගන්නයි ඔවුන් හදන්නෙ. ලොකු මුදලක් සමග හීන සැබෑ කර ගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මුදලට වඩා ඔවුන්ට යාළු කම, අවංක කම සහ විශ්වාසය කියන දේවල් ලොකුයි. මේ අපේ මුල්ම සහ අන්තිම ජොබ් එක ආයෙ අපි මේව කරන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ එහෙම. ඉතින් ඔවුන්ගෙ හීන සැබෑ උනාද කියල බලන්න කතාව නරඹලා ඉන්න.
.
IMDb RATING
9.3